සමෘද්ධි අභිමානි අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොල
------------------------------------------
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, දැරණියගල සමෘද්ධි බැංකු සමිතිය හා මාළිබොඩ, දැරණියගල සමෘද්ධි බැංකු එක්ව සංවිධානය කල සමෘද්ධි අභිමානි අලෙවි ප්‍රදර්ශනය හා අලෙවි පොල 2024.04.09 සහ 10 දෙදින පුරා දැරණියගල සතිපොල භූමියේ දි පැවැත්වේ.
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්විම අනුව සංවිධානය කරන්නට යෙදුන අලෙවි පොල 2024.04.09 දින පෙ:ව 9.00ට දැරණියගල ආසන ආණ්ඩු පක්ෂ ගරු සංවිධායක අජිත් ශ්යාමින්ද මැතිතුමන් ගේ සහභාගිත්වයෙන් විවෘත විය.
මෙහිදී ග්‍රාමිය නිෂ්පාදන ඇතුලු අවුරුදු උත්සව සමයේ පාරිභෝගික ජනතාවට අවශ්‍ය බොහෝ දෑ පහසු මිළ ගනන් යටතේ ලබා ගැනීමට අවස්ථාව උදාවිය. දැරණියගල ප්‍රාදේශීය ⁣ ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, පොලිස් ස්ථානාධිපති තුමා, ගණකාධිකාරි තුමිය, බැංකු සමිති කළමණාකාර තුමිය, මුලස්ථාන කළමණාකාර තුමිය, ව්‍යාපෘති කළමණාකාර තුමිය, අලෙවි සංවර්ධන නිලධාරිතුමා, දැරණියගල සමෘද්ධි බැංකු කළමණාකාරතුමිය, මාලිබොඩ සමෘද්ධි බැංකු කළමණාකාර තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්, පාලකමණ්ඩල සභාපති තුමන්ලා/තුමියන්ලා ඇතුලු ප්‍රජාමුල සංවිධාන නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලු දෙනාට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු .