සල්පිල් වැඩසටහනක්
-----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය වැඩිහිටි කමිටුවල මූල්‍යමය ශක්තිය වර්ධනය කර ගැනීම පිණිස සංවිධානය වූ සල්පිල් වැඩසටහනක් පසුගියදා මියනවිට පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.
මියනවිට ග්‍රාමීය වැඩිහිටි කමිටුව මූලික කරගෙන පැවති මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස සංවිධානය වී තිබූ අතර ප්‍රාදේශයේ දානපතියන් මෙම වැඩසටහන සඳහා සක්‍රියව සම්බන්ධ විය.
මේ වැඩසටහන සඳහා වසමේ ග්‍රාම නිලධාරීතුමිය,වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය, සමාජ සේවා සංවර්ධන නිලධාරිතුමිය සම්බන්ධ විය.
අරමුදල් තර කර ගැනීමේ වැඩසටහනක් ලෙස ඉතා සාර්ථකව වූ මෙම සල්පිල සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments