පාලි භාෂා පුහුණු වැඩසටහනක්
-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ජයලත් මහතාගේ සංවිධානයෙන් දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරු භවතුන්ගේ පාලි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පාලි භාෂාව සම්බන්ධයෙන් ගුරු පුහුණු වැඩසටහනක් පසුගියදා පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහනේ පළමු සැසිය වෙනුවෙන් සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී(සමථ) වීරසිංහ මහතා විසින් වන අතර, දෙවන සැසිය සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ සිරි සුමන දහම් පාසලේ ආචාර්ය ආර්.ඒ. සෙනෙවිරත්න මහතා විසිනි. ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කර සිටින අතර, අනුග්‍රහය ලබා දුන් දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයටත්, ප්‍රාදේශයේ දානපති ප්‍රජාවටත්, තේ පැන් සංග්‍රහය වෙනුවෙන් දායකත්වය ලබාදුන් ලිහිණියගල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේටත් කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමු.
එමෙන්ම මෙම වැඩසටහන සදහා සහභාගි වූ දහම් පාසල් ගුරු භවතුන්ටත්, නන් අයුරින් උදව් කල සැමටත් තුති පුදමු.