Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

බහු ආංශික පෝෂණ සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්





බහු ආංශික පෝෂණ සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
*****************************************************
2030 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් කුසගින්න තුරන් කිරීමේ අභිමාර්ථයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන්, ප්‍රාදේශීය වශයෙන් බහු ආංශික පෝෂණ සැලැස්ම සකස් කිරීම හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් වසම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හා ප්‍රාදේශීය මට්ටමින් සැලසුම් සකස් කිරීමේදී ඔවුන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම සදහා වූ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 19, 24 සහ 30 වන දින දවස පුරාම ක්‍රියාත්මක කෙරුණි.
සර්වෝදය ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සදහා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය සම්පත්දායකත්වය ලබා දෙන ලදී. කණ්ඩායම ක්‍රියාකාරකම්, සාකච්ඡා කිරීම් සහ දැනුවත් කිරීම් වලින් සමන්විත වූ මෙම වැඩසටහන සදහා ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘ.ප.නි.ස නිලධාරීන් ඇතුළු කාර්යාලයීය නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමටත්, සර්වෝදය ආයතනයේ නිලධාරීන්ටත් හදපිරි තුති පිරිනමමු.


 

Post a Comment

0 Comments