සමෘද්ධි බක්මහ උළෙල - දැරණියගල කලාපය
--------------•••••••-----------------
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, දැරණියගල සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිතිය, දැරණියගල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව සහ බල්ලහැල වසම ග්‍රාමීය සමෘද්ධි සමිති එකමුතුවෙන් පවත්වන ලද සමෘද්ධි බක්මහ සැණකෙළිය නාවෙල පාසල් ක්‍රීඩාංගනයේදී 2024.04.21 දින දවස පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා සහභාගිත්වයෙන් පැවති බක්මහ උළෙල විවිධ ජනක්‍රීඩා රැසකින් අලංකාරවත් විය. සතුට, විනෝදය සමග එකමුතු කම පෙරදැරිව පැවැත්වූ බක්මහ උළෙල සාර්ථකව කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය, බැංකු සමිති කළමණාකාරතුමිය, මුලස්ථාන කළමණාකාරතුමිය, කලාප කළමණාකාරතුමිය, දැරණියගල කලාපය නියෝජනය කරමින් පැමිණි සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මින්, ග්‍රාමනිලධාරිතුමන්, කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ නිලධාරිතුමිය ඇතුලු රාජ්‍ය නිලධාරින්, පාලකමණ්ඩල නිලධාරි මහත්ම මහත්මින්, ඇතුලු සියලුදෙනාහට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.




0 Comments