කාන්තා දින සැමරුම - බස්නාගල වසම
--------------------------------
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රාදේශයේ කාන්තා කාර්ය සංවිධාන වල මූල්‍ය ශක්තිය වර්ධනය කිරීම උදෙසා අරමුදල් තර කර ගැනීමේ අරමුණින් පවත්වන වැඩසටහන් අතර තවත් එක් සල්පිල් වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන්, වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්බන්ධීකරණයෙන් බස්නාගල කාන්තා කාර්ය සංවිධානය කේන්ද්‍ර කොට ගනිමින් බස්නාගල පුරාණ විහාරස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී බස්නාගල කාන්තාවන් විසින් ඉතා සාර්ථක ලෙස මෙම සල්පිල් වැඩසටහන සංවිධානය කර තිබිණි. මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා, වසමේ ග්‍රාම නිලධාරීතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ වූ අතර ආගමික වතාවත් සිදුකොට සහයෝගය ලබා දුන් බස්නාගල පුරාණ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමන අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කරමු.