වැඩිහිටි අවුරුදු උත්සවය-පොල්ගස්වත්ත වසම
----------------••••••••---------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, පොල්ගස්වත්ත ග්‍රාම නිලධාරී කපිල සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව මෙත් සිසිල වැඩිහිටි සමිතිය කේන්ද්‍ර කරගෙන අවුරුදු උළෙලක් සංවිධානය කර තිබුණි.
පොල්ගස්වත්ත බහු කාර්ය ගොඩනැගිල්ලට යාබද ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පසුගියදා දවස පුරා ඉතා සාර්ථකව මෙම අවුරුදු උත්සවය පවත්වන්නට යෙදුණි.
මෙහිදී වැඩිහිටියන් සඳහා මෙන්ම දරුවන් සහ තරුණ ප්‍රජාව සඳහාද අවුරුදු ක්‍රීඩා තරග පැවැත්විණි. මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර විජේසූරිය මහතා විශේෂ අනුග්‍රහයක් දැක්වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සමාජ සේවා අංශයේ නිලධාරින්, සංස්කෘතික නිලධාරී හා අපනයන සංවර්ධන නිලධාරී මෙම වැඩසටහන සඳහා සහභාගි විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරමු.




0 Comments