පාසල් උපකරණ ප්‍රදානෝත්සවයක්
---------------------------
කෑගලු දිස්ත්‍රික් බාහිර සේවා සහකාර (මත්ද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී.තොටවත්තගේ පියතුමන්ගේ ඉල්ලීම පරිදි කුරුණෑගල ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධාන ශක්තියෙන් මාලිබොඩ දේවානන්ද විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ ෙප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා දේවානන්ද විද්‍යාලයේදී පැවැත්විණි.
එස්.සී.තොටවත්තගේ පියතුමන්, සහකාර අධ්‍යක්ෂ ඒ.කේ.ඩබ්. සිරිසෝම මහතා, වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරී, මත්ද්‍රව්‍ය විෂය භාර සංවර්ධන නිලධාරී, ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සත්කාරය වෙනුවෙන්, නොයෙක් ආකාරයෙන් සහය දුන් සැමටත්, විදුහල්පතිතුමාටත්, ආචාර්ය මණ්ඩලයටත්, දෙමාපියන් ඇතුළු සිසු සිසුවියන්ටත්, මොබිටෙල් ආයතනයටත් හදපිරි තුති පිරිනමන අතර, එස්. සී. තොටවත්තගේ පියතුමන්ට විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

එමෙන්ම මෙවන් වූ සමාජ සත්කාරක වැඩසටහන් වෙනුවෙන් අවශ්ය උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙන ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ද කෘතවේදීව සිහිපත් කරමු.