සමෘද්ධි අවුරුදු උත්සවය 2024- මාලිබොඩ කලාපය
-------------------------------------------
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, දැරණියගල සමෘද්ධි ප්‍රජා බැංකු සමිතිය, මාලිබොඩ සමෘද්ධි ප්‍රජාමූල බැංකුව සහ කොස්ගහකන්ද ග්‍රාමීය සමෘද්ධි සමිති මූල්‍ය දායකත්වයෙන් පවත්වන ලද සමෘද්ධි බක්මහ සැණකෙළිය කොස්ගහකන්ද මහජන ක්‍රීඩාංගනයේ දී පසුගියදා දවස පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ සහභාගිත්වයෙන් පැවති බක්මහ උළෙල විවිධ ජනක්‍රීඩා රැසකින් අලංකාරවත් විය. බක්මහ උළෙල සාර්ථකව පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් ගරු ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ව්යාපෘති කළමණාකාරතුමිය, කලාප කළමණාකාර තුමන්, මාලිබොඩ කලාපය, මුලස්ථානය, බැංකු සමිතිය නියෝජනය කරමින් පැමිණි සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරි මහත්ම මහත්මින්, පාලකමණ්ඩල නිලධාරි මහත්ම මහත්මින්, ග්‍රාමනිලධාරිතුමිය, ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය ඇතුලු සියලු දෙනා හට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.



0 Comments