දිරිය දරු සූර්ය මංගල්‍යය-2024
---------------------------
සබරගමු පළාත් පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සංවිධානය කරන ලද දිරිය දරු සූර්ය මංගල්‍යය - 2024 අවුරුදු උළෙල 2024.04.25 දින උත්කර්ෂවත් අයුරින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී විශේෂ අවශ්‍යතා සහිත දිරිය දරුවන්ගේ දක්ෂතා ඇගයීමට එකතු විය.
ඊට අමතරව කාර්යාලගත හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයෝගයද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට ඉවහල් විය.
අවුරුදු ක්‍රිඩා රැසකින් සමන්විත වූ මෙම වැඩසටහනට නවීකරණය වූ අවුරුදු ක්‍රීඩා ද එක් විය.අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟ විනිශ්චය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එකමුතු ස්වශක්ති සංවිධානයේ සමාජිකාවන්ගෙන් නර්තනාංග වලින් මෙම වැඩසටහන විචිත්රවත් විය.
උදෑසන ආහාර හා දිවා ආහාර මෙහිදී විශේෂ අවශ්‍යතා සහිත පිරිස වෙනුවෙන් මෙහිදී පිරිනමන ලද අතර එහිදී රංජනී සෝමචන්ද්ර මහත්මිය ලබාදුන් සහයෝගය ද,සංවර්ධන නිලධාරි නිමල් රත්න මහතා ලබා දුන් සහයෝගය ද කෘතවේදීව සිහිපත් කරමු.
මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන් එකමුතු ස්වශක්ති සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුළු සියලු දෙනාටම, විශේෂ අධ්‍යාපන ඒකකවල ගුරු මව්වරුන්ට හා කාර්යාලයේ සියලුම නිලධාරීන්ට අපගේ කෘතවේදීත්වය පළ කරමු.




0 Comments