Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්




මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්
————————————————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ සංවිධානයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 22 වන දින නක්කාවිට ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කරගනිමින්, නක්කාවිට බෝමළුව ප්‍රජාශාලාවේදී පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකමතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා, සමෘද්ධි මහ සංගමයේ කළමනාකාරතුමිය, මාලිබොඩ බැංකු සංගමයේ කළමනාකාරතුමා, මාලිබොඩ සමෘද්ධි බැංකු කලාප සහකාර නිලධාරීතුමා, සමෘද්ධි අලෙවි සංවර්ධන නිලධාරීතුමා, සමෘද්ධි ප්‍රජා මූල විෂය භාර නිලධාරීතුමා, තොරතුරු තාක්ෂණ නිලධාරීතුමා, නක්කාවිට වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමිය, පොද්දෙනිකන්ද වසම භාර සංවර්ධන නිලධාරීතුමිය, සමාජ සංවර්ධන නිලධාරීතුමිය, මත්ද්‍රව්‍ය විෂයය භාර සංවර්ධන නිලධාරීතුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
මෙම වැඩසටහන වෙනුවෙන් පූර්ණ සම්පත්දායකත්වය ලබා දෙන ලද්දේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් කෑගලු දිස්ත්‍රික්කය භාර බාහිර සේවා සහකාර(ප්‍රතිකාර හා පුනරුත්ථාපන) එස්.සී.තොටවත්තගේ පියතුමන් විසින් වන අතර ඒ පිළිබඳව විශේෂ ස්තුතිය පිරිනමමු.
එමෙන්ම මෙම වැඩසටහන සංගීතවේදී අසංක ඉන්දික මහතාගේ අපූරූ ගීත කිහිපයකින් ද සංගීතවත් විය. ඒ වෙනුවෙන්ද හෘදයාංගම තුති පිරිනමන අතර, මෙම වැඩසටහන වෙනුවෙන් සහභාගි වූ ගම්වාසීන්ටත්, නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් කෘතඥ වෙමු.


 

Post a Comment

0 Comments