පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන්
--------------------------------------------------
ප්‍රා දේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් කොට්ඨාසයේ සංවිධානය වූ පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් 3 ක් 2024/03/14 දින පොද්දෙනිකන්ද වසමේදීත්, 2024/03/15 දින ඌඩපොල වසමේදීත්, 2024/03/21 දින දැරණියගල උතුර වසමේදීත් පැවැත්විණි.
මෙහිදී දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා දෙමව්පියන්ට ඇති කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන ලදී . මේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය හා මුල් ළමාවිය සංවර්ධන නිලධාරීතුමිය හා උපදේශන නිලධාරීතුමිය විසිනි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් එම වසම් වල රාජ්‍ය නිලධාරීන්ට, පෙර පාසල් ගුරුවරුන්ට හා සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.