ආපදා පෙර සූදානම් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන
------------------------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටි ග්‍රාමීය කමිටු වල සාමාජිකයින් හා ග්‍රාමීය ප්‍රජාව ආපදා පෙර සූදානම් සඳහා දැනුවත් කිරීම වෙනුවෙන් සංවිධානය වූ වැඩසටහනක් පසුගියදා මාගල වැඩිහිටි දිවා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙහි සංවිධාන කටයුතු සමාජ සේවා අංශය විසින් සිදු කළ අතර ආපදා සහන සේවා නිලධාරිගේ ඉල්ලීම පරිදි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරීතුමා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන් අතර මෙහිදී අකුණු ආපදා හා ඊට අමතරව නිවසේදී සිදුවිය හැකි ආපදාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සිදුවිය. එමෙන්ම මෙහිදී ජනතාවගේ මේ හා සම්බන්ධ ගැටළු වලට පිළිතුරු ලබාදීමද සිදු කරන ලදී.
මෙම වැඩසටහන සඳහා වසමේ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විය.මේ වැඩසටහන සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments