ජාත්‍යන්තර කාන්තා දින සැමරුම- කොස්ගහකන්ද වසම
----------------------------------------------
ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් හා මග පෙන්වීම අනුව කොස්ගහකන්ද ප්‍රජාමූල සංවිධාන එකමුතුවෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව විශේෂ වැඩසටන් මාලාවක් 2024.03.21 දින කොස්ගහන්ද ශක්ති ප්‍රජාශාලාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් දවස පුරාවට පවත්වන ලදි.
වසවිසෙන් තොර ග්‍රාමීය නිෂ්පාදන අලෙවි පොලක් පැවැත්වීම, වනිතා සංවර්ධන නිලධාරි තුමියගේ සම්පත් දායකත්වයෙන් රසකැවිලි නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩමුළුවක් පැවැත්වීම,
පනාවල ආයුර්වේද මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරිතුමියගේ සහභාගිත්වයෙන් ප්‍රජා සෙඛ්‍ය පිළිබද දැණුවත් කිරීම, ගිණුම් ප්‍රවර්ධනය හා ප්‍රතිලාභින් සවිබල ගැන්වීම පිළිබදව දැණුවත් කිරීම, පවත්වන ලද විශේෂ වැඩසටහන් අතර වේ.
මෙම සුවිශේෂි අවස්ථාව සදහා උචිත පරිදි සහභාගිවූ හොදම සාමාජිකයා වශයෙන් කොස්ගහනදවත්ත සරස්වතී මහත්මියට හා 2024.03.21 දිනට දිරියමාතා ගිණුම් සදහා වැඩිම මුදලක් තැන්පත්කර ඇති යූ.ඩී.නිලන්තිකා ජයසිංහ මහත්මියට සුවිශේෂි ත්‍යාගයන් පිරිනමන ලදි.
ප්‍රාදේශීය කලා හිතකාමී ප්‍රජාව විසින් පවත්වන ලද රසවින්දනාත්මක වැඩසටහන විශේෂයෙන්ම අගය කලයුතු වන අතර මෙම අවස්ථාවට දැරණියගල බැංකු සමිති කළමණාකරු, මුලස්ථාන කළමණාකරු, මාලිබොඩ කලාප කළමණාකරු,වනිතා සංවර්ධන නිලධාරි ඇතුළු නිලධාරින් රැසක් සහභාගි විය.
කොස්ගහකන්ද වසම සමෘද්ධි සංවර්ධන නිළධාරි ටී.ජී.ගාමිණි විමල්සිරි මහතගේ අදාහසකට අනුව ප්‍රජාමුල සංවිධාන එකමුතුවෙන් වැඩසටහන සංවිධානය කරන ලදි. සහයෝගය ලබාදුන් සැමට ගෞරවනීය ස්තූතිය පිරිනමමු.



0 Comments