විශේෂ අලෙවි පොලක්
------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම මත ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සහ ග්‍රාමිය නිෂ්පාදන සඳහා අතරමැදියන්ගෙන් තොර වෙළඳපලක් නිර්මාණය කීරීමේ අරමුණින් මාළිබොඩ වසම සමෘද්ධි සංවර්ධන නිලධාරි කේ.වී.අෂාල් දීමන්ත මහතා, ග්‍රාමීය ප්‍රජාමුල සංවිධාන සාමාජිකයින්, සහ වසමේ පිරිස් ඒකරාශි කර විශේෂ අලෙවි පොලක් පසුගියදා මාලිබොඩ සමූපකාරය අසලදි පවත්වන ලදි.
මෙම අලෙවි පොල සමාරම්භක අවස්ථාව සඳහා සමෘද්ධි බැංකු සමිති කළමණාකාරතුමිය, මුලස්ථාන කළමණාකාරතුමිය, වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි තුමන් ඇතුලු නිලධාරින් රැසක් සහභාගි විය.

0 Comments