බැඩ්මින්ටන් තරඟාවලිය
——————————
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා සමාජය විසින් ප්‍රථම වතාවට සංවිධානය කරන ලද මිත්‍තත්ත්‍ර පළමු බැඩ්මින්ටන් සටන විවෘත තරඟාවලිය 2024.03.02 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මේ සඳහා ප්‍රාදේශයේ සහ අවට ප්‍රදේශවල බැඩ්මින්ටන් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වූ අතර පිරිමි යුගල සහ පිරිමි කේවල
තරඟ වලින් මෙම තරඟාවලිය සමන්විත විය. මෙහිදී පිරිමි යුගල තරඟයේ අවසාන මහා තරඟය සඳහා නාමල් පෙරේරා හා සහන් ධනංජය ක්‍රීඩකයින් යුගලය හා තනූජ ධනංජය හා තරිඳු විද්‍යානන්ද ක්‍රීඩකයින් සුදුසුකම් ලැබූ අතර තරඟයේ අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට නාමල් පෙරේරා හා සහන් ධනංජය ක්‍රීඩකයින් සමත් වූ අතර එම තරඟයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට තනූජ ධනංජය හා තරිඳු විද්‍යානන්ද ක්‍රීඩකයින් සමත් විය.
බැට්මින්ටන් කේවල තරඟයේ අවසාන මහා තරඟය සඳහා රොෂාන් සමරවික්‍රම හා ලක්ෂිත රාජපක්ෂ ක්‍රීඩකයින් සුදුසුකම් ලැබූ අතර කේවල අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට රොෂාන් සමරවික්රම ක්‍රීඩකයා සමත් වූ අතර කේවල ශූරතාවය ජයග්‍රහණය කිරීමට ලක්ෂිත රාජපක්ෂ ක්‍රීඩකයා සමත් විය. මෙහි ජයග්‍රාහකින් සඳහා කුසලාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී.
ජයග්‍රාහී සියලුම ක්‍රීඩකයින්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් පුද කරමු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩා සමාජයේ නිලධාරීන් හා සාමාජික සාමාජිකාවන් මෙම වැඩසටහන සංවිධානය කිරීමේ කර්තව්‍ය ඉටුකළ අතර ඒ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ මඟ පෙන්වීම විශාල පිටුවහලක් විය.
මෙම බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා අනුග්‍රහය ලබාදුන් , හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්දික ප්‍රසාද් රණසිංහ මහතාට, golden hotel & transport අධිපති රාජ් කුමාර් මහතාට හා කුසලාන සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් GB coating ආයතනයේ ලසන්ත පුෂ්පකුමාර මහතාට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය පුද කරමු.







0 Comments