විසිතුරු මත්ස්‍ය වගා තාක්ෂණික පුහුණු වැඩසටහන
——————————————————————
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන්,කෑගල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී චන්දන ජගත් කුමාර මහතාගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විසිතුරු මත්ස්‍ය වගා සංගමයේ නව සාමාජිකයින් සදහා මත්ස්‍ය ටැංකි නිර්මාණය කරගන්නා ආකාරය පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් පසුගියදා විලගම ලසන්ත මහතාගේ මත්ස්ය ගොවිපළේදී පවත්වන ලදී.
ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීන් විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලද අතර මෙය සංවිධානය ජලජීවී නිලධාරී, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී සහ අපනයන සංවර්ධන නිලධාරී විසින් සිදු කරන ලදී.
මේ සදහා සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකරමු.