වැඩිහිටියන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහනක්
----------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස වැඩිහිටියන් සඳහා කායික යහපැවැත්ම පවත්වාගෙන යෑම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා දොඩාවත්ත විහාරස්ථානයේදී පැවැත්විණි.
දොඩාවත්ත ග්‍රාමීය වැඩිහිටි කමිටුවේ සාමාජික සාමාජිකාවන් මේ සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුනට නීරෝගීභාවයෙහි වටිනාකම හා එය පවත්වාගන යාම පිළිබඳව දොඩාවත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමා විසින් සිදු කල කාලෝචිත දැනුවත් කිරීමකට සම්බන්ධ වීමේ අවස්ථාව උදා විය.
ඊට අමතරව දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් හා ආධාර ලබාදීම් පිළිබඳව වැඩිහිටියන් දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.
මේ සඳහා දොඩාවත්ත වසමේ ග්‍රාම නිලධාරීතුමා,
දොඩාවත්ත වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා සමාජ සේවා අංශයේ නිලධාරීන් සහභාගි විය. මේ සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.