ප්‍රාදේශීය වැඩිහිටි අවුරුදු උත්සවය 2024
---------------------------------
සබරගමු පළාත් පරිවාස ළමාරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සංවිධානය කරන ලද සූර්ය මංගල්ය්‍ය - 2024 වැඩිහිටි අවුරුදු උළෙල පසුගියදා උත්කර්ෂවත් අයුරින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රමුඛ මාණ්ඩලික නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වී වැඩිහිටියන්ගේ දක්ෂතා ඇගයීමට එකතු විය.
මියනවිට හා ලස්සේගම ග්‍රාමීය කමිටුවල සමාජිකාවන්ගෙන් නර්තනාංග වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය. උදෑසන ආහාර හා දිවා ආහාර වැඩිහිටියන් වෙනුවෙන් මෙහිදී පිරිනැමිණි.
මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන් ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ උප සභාපතිතුමා, භාණ්ඩාගාරිකතුමා ඇතුළු සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරමු.







0 Comments