විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාතික ක්‍රිඩා උළෙල 2024
-----------------------------------------------
විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාතික ක්‍රිඩා උළෙල 2024 නියෝජනය කිරීම සදහා තරගකරුවන් දිස්ත්‍රික් මට්ටමින් තෝරා ගැනීමේ තරගාවලිය 2024-03-19 දින කෑගල්ල මහජන ක්‍රීඩංගනයේදී කෑගල්ල මහ දිසාපතිතුමන්ගේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
ඒ සදහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් තරගකරුවන් හතර දෙනෙකු සහභාගී වූ අතර එහිදී දැරණියගල කොට්ඨාසය නියෝජනය කල දීප්ත කුමාර ක්‍රීඩකයා විශිෂ්ඨ දස්කම් දක්වන ලදී. ඔහු විසින් පාදයක් අහිමි කෘත්රීම පාදයක් පළදින ජේෂ්ඨ බාලක අංශයේ මීටර් 100 සහ 200 තරග ඉසව් දෙකෙහිම ප්‍රථම ස්ථානයත් කවපෙත්ත විසිකිරීමෙන් දෙවන ස්ථානයත් දිනාගන්නා ලදී. ඔහු ඇතුලු කංඩායමට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු සමාජ සේවා අංශයේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.



0 Comments