නීති- පුහුණු වැඩසටහනක්
---------------------
නීති ආධාර කොමිශන් සභාව මඟින් නීතිය මහජනයා වෙත ගෙනයාම අරමුණු කරගෙන, ජනතාව හා සෘජුව සම්බන්ධ වන ග්‍රාම නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් හා කාර්යාලයීය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා , නීතී ආධාර කොමිෂන් සභාවේ නිලධාරීන් මෙන්ම UNDP නියෝජිතයින් ද සහභාගි වූ මෙම වැඩසටහන වඩාත් ඵලදායී අයුරින් එදින දවස පුරා ක්‍රියාත්මක කෙරුණු අතර, වැඩසටහන අවසානයේදී නීතී උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් සායනයක්ද පැවැත්විණි.
එමෙන්ම මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු කර දුන් විද්‍යා තාක්ෂණ නිලධාරීතුමියට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන අතර, වැඩසටහන සාර්ථක කරගනු වස් නන් අයුරින් සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු.