විසිතුරු මත්ස්‍ය වගා සංගමය පිහිටුවීම
----------••••••••••------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් තුමියගේ මඟපෙන්වීමෙන්, කෑගල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී චන්දන ජගත් කුමාර මහතාගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විසිතුරු මත්ස්‍ය වගා සංගමය 2024/02/09 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පිහිටුවන ලදී.
ඒ සඳහා කෑගල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීන්ද සහභාගි විය. අප කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරී තුමිය, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්ද, අපනයන සංවර්ධන නිලධාරීතුමාද ඇතුලු නිලධාරීන්ද සහභාගී විය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකරමු.