වැඩිහිටි ග්‍රාමීය කම්ටු සංවත්සරය
----------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් සඳහා සිදු කෙරෙන වැඩසටහන් අතර එක් වැඩසටහනක් ලෙස වැඩිහිටි ග්‍රාමීය කමිටු නිලවරණයක් හා වැඩිහිටි ග්‍රාමීය කමිටු සංවත්සරයක් සංවිධානය කිරීමට මියනවිට ග්‍රාමීය වැඩිහිටි කමිටුව පියවර ගෙන තිබිණි.
මියනවිට කුඹුරු ලෙන පුරාණ විහාරස්ථානයේදී පැවැත්වූ මෙම වැඩසටහන වසම් කිහිපයක ග්‍රාමීය කමිටු සාමාජිකයින්ගේ නර්තනාංග හා ගායනයන්ගෙන් සමන්විත විය. ඊට අමතරව මියනවිට කේන්ද්‍ර කරගත් වැඩිහිටි නර්තනයන් සහ ගායනයන් වලින් මෙන්ම, මියනවිට වසමේ ළමා ප්‍රජාව හා තරුණ ප්‍රජාව නියෝජනය කළ නිර්මාණද මෙහිදී දැක බලා ගැනීමට හැකිවිය.
මේ සඳහා ග්‍රාම නිලධාරීතුමිය, සමාජසේවා අංශයේ නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීතුමිය සහභාගි විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.