මිනිස් වෙළදාම වැළැක්වීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.
—————————***************——————————-
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණයෙන් USAid, Safe foundation සහ OECRP යන රාජ්‍ය නොවන සංවිධාන එක්ව සංවිධානය කරන මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් ක්ෂේත්‍ර ගත රාජකාරි කරන නිලධාරීන් හා පාරමී කාන්තා සංවිධානයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී අවිධිමත් ලෙස විදේශගතවීම් නිසා එම ජනතාව මුහුණපාන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර තවදුරටත් විවිධ ක්‍රම මගින් මිනිස් වෙළඳාම සහ මිනිස් ජාවාරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම OECRP ආයතනය නියෝජනය කළ චමින්ද මහතා විසින් සිදු කරන ලදී. මෙවැනි අපහසුතාවලට ලක්වන නොදැනුවත්, අසරණ ජනතාව මිනිස් ජාවාරමක හෝ මිනිස් වෙළඳාමේ ගොදුරක් බවට පත්වීම වැළැක්වීම උදෙසා රාජ්‍ය ආයතන වල ක්ෂේත්‍ර නිලධාරීන් හා පාරමී කාන්තා සංවිධානය වැනි ග්‍රාමීය සංවිධාන මගින් ප්‍රජාව දැනුවත් කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් OECRP ආයතනයේ නිලධාරීන් හා තුරු පාරිසරික සංවිධානයේ නිර්මාතෘ ප්‍රියන්ත පද්ම කුමාර මහතාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments