උරුමය වැඩසටහන
----------------
76 වන නිදහස් දින සැමරුමට සමගාමීව රජයේ ඉඩම් භුක්ති විඳින ජනතාව වෙත එහි පූර්ණ අයිතිය ලබා දීමේ “උරුමය” වැඩසටහන යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය පෙබරවාරි 05 වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු ක්රීඩාංගණයේදී පැවැත්විණි.
ජනපති, අගමැති, ඉඩම් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් රැසකගේ හා අමාත්‍යිංශ ලේකම්වරුන් ඇතුළු රජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේ සංකේතාත්මක ඔප්පු ප්‍රදානය එහි ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ ඔප්පු ප්‍රදානය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන්, ඉඩම් කොමසාරිස්වරුන් හා ප්‍රාද්ශීය ලේකම්වරු ඇතුළු ආරාධිතයන්ගේ අතින් සිදු කෙරිණි.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් හිමිකම්ලාභීන් 11 ක් වත ඔප්පු ප්‍රදානය කිරීම දැරණියගල ප්‍රාදේශීය ලේකම්, පී සී මධුෂානි ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.