සුභ සමුගැනීමක්
---•••••••----
පුරා පස් වසක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරී ලෙස සේවය කර යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන දක්ෂි සෝමරත්න මහතා වෙනුවෙන් සුහද හමුවක් පසුගියදා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
සිය රාජකාරියට එහා ගිය ස්වෙච්ඡා කාර්යභාරයක් ඉටු කළ දක්ෂි මහතා කාර්යාලයීය සියලුම අභ්‍යන්තර හා බාහිර කටයුතු වලදී ශබ්ද පරිපාලන කටයුතු ඉටු කරදීමෙන් සහ නන් අයුරින් දැක්වූ සහයෝගය අතිමහත් ය. ඒ පිලිබඳව හෘදයාංගමව ස්තුතිවන්ත වන අතර, ඔහුගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්ය මණ්ඩලය හදවතින්ම සුබ ප්රාර්ථනා කරමු.