සමාජ සත්කාරයක්
---------------
ඩී.යූ.ජී සුමිත්රා පියරත්න මහත්මිය හදිසි අනතුරක් නිසා ඇතිවූ සුසුම්නා ආබාධයක් නිසා සයන්ගතව සිටිනතැනැත්තියකි. කොස්ගහකන්ද වසමේ ගලපහල වත්ත කොටසේ ඇය ජීවත් වන්නේ ඇගේ මව සමගයි. ඇය පිළිබදව සමාජ සේවා අංශයට වාර්තා වන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදිය. එහිදී සමාජ සේවා නිලධාරි, වසමේ ග්‍රාම නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි ප්‍රථම ක්ෂේත්‍ර පරීක්ෂණ ය සිදුකරන ලදී. එහිදී හදුනාගත් අවශ්‍යතාව මත පළමුව ඇය හට ආබාධිත ජීවනාධාර දීමනාව සදහා ප්‍රමුඛතාව ලබා දුනි (ඇයව රැකබලා ගන්නේ මව විසිනි. වෙනත් භාහිර කිසිදු උපකාරයක් නොමැත).
පුනරුත්ථාපනය සැලැස්මට අනුව 2024-02-22 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී ඇය හට ඇද තුවාල(bedsores) පැමින තිබුන බව නිරීක්ෂණය වුනි. තත්ත්වය උග්‍ර අතට හැරීමට ආසන්නව තිබුන බැවින් ඉක්මනින් වායු මෙට්ටයක් ලබාගත යුතුව තිබුනි. මුහුණු පොතේ පලකරන ලද දැන්වීමකට අනුව දික්ඇල්ලකන්ද වසමේ ග්‍රාම නිලධාරි ඉන්ද්‍රා මහත්මිය ක්ෂණික ප්‍රතිචාර දක්වා ඇය හට වායු මෙට්ටයක් පරිත්‍යාග කරන ලදී.
අදාල වායු මෙට්ටය 2024-02-27 දින සමාජ සේවා නිළධාරි සහ ආර්ථික සංවර්ධන නිළධාරිනී විසින් සුමිත්‍රා පියරත්න මහත්මිය වෙත ලබාදෙන ලදී. ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ අධීක්ෂණය යටතේ මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදුවන අතර සම්බන්ධීකරණය වසමේ ග්‍රාම නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි විසින් සිදුකරනු ලබයි.