කවි මඩුවක්
---------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සමාජ සේවා අංශය හා සංස්කෘතික අංශය එක්ව සංවිධානය කළ බස්නාගල වසමේ ග්‍රාමීය වැඩිහිටි කමිටුව මගින් ක්‍රියාත්මක කළ කවි මඩුවක් පසුගියදා බස්නාගල විහාරස්ථානයේදී පැවැත්විණි.
මේ සඳහා සංස්කෘතික නිලධාරීන් විසින් සම්බන්ධීකරණය කළ කළ්යානි කිවිඳිය,සරත් කිවිඳුන්, කුඹුරුගම කිවිඳුන් හා විජිත මොරගොල්ල කිවිඳුන් හා ප්‍රාදේශයේ ජනප්‍රිය කවියකුද සම්බන්ධ වූ අතර කවි මඩුවේ මුලසුන විජිත මොරගොල්ල කිවිඳුන් විසින් දරන ලදී.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දුන් බස්නාගල විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තූතිය පිරිනමන අතර මේ සදහා සහයෝගය ලබා දුන් සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments