සුහද හමුවක්
-----------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රිඩා හා සුබ සාධක සංගමයේ මහ සභා රැස්වීමක් පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඊට සමගාමීව මෙම කාර්යාලයට අනුයුක්තව දිගු කාලයක් ග්‍රාම නිලධාරීවරයෙකු වශයෙන් සේවය කර පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස උසස්වීම් ලබා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරුවීම් ලබා යන සනත් මහතන්තිල මහතා, එමෙන්ම ග්‍රාම නිලධාරීවරෙයෙකු ලෙස සේවය කර විශ්‍රාම දිවියට පිවිසෙන සරත් මාහරගේ මහතා, ස්ථාන මාරු ලබා යන කාර්මික නිලධාරී දුමින්ද උදාර මහතා සහ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී වජිරා ශ්‍යාමලී මහත්මිය යන නිලධාරීන්ගේ සේවය අගයමින් උපහාර පිදිමේ උත්සවයක් හා සුහද හමුවක්ද පැවැත්විණි.
එම නිලධාරීන් වෙත ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුබපැතුම් පිරිනමන අතර, වැඩසටහන සාර්ථක කරගැනීම වෙනුවෙන් සහය දුන් සැමට තුති පිරිනමමු


0 Comments