Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ආයුර්වේද වෛද්‍ය සායනයක්



ආයුර්වේද වෛද්‍ය සායනයක්
-----------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටි සංවිධාන සඳහා සිදුකෙරෙන වැඩසටහන් අතර එක් වැඩසටහනක් ලෙස ආයූර්වේද සායනයක් හා බෝ නොවන රෝග පිළිබඳව දැනුවත් කිරීමක්, පසුගියදා වත්තේගෙදර වසම සහ ඉලුක්තැන්නවත්ත කේන්ද්‍ර කරගෙන වත්තේගෙදර ග්‍රාම නිලධාරී කාර්යාලයේදී පවත්වන්නට යෙදුණි.
මෙහිදී වත්තේගෙදර වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ සාමාජිකයින්ට හා ඉලූක්තැන්නවත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ සාමාජිකයින්ට සිය සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කර ගැනීමටත් අවශ්‍ය ඖෂධ ලබාගැනීමටත් අවස්ථාව සැලසුණි.
මේ සඳහා දැරණියගල ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීතුමිය, සමාජ සේවා අංශයේ නිලධාරීන් හා ආයුර්වේද සංවර්ධන නිලධාරීතුමිය සම්බන්ධ විය.
මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබා දුන් සැමට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


 

Post a Comment

0 Comments