Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටන



වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
----------••••••••--------------
මෙවර අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් රැසක් මෙම කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කෙරෙන අතර එහි එක් පියවරක් වශයෙන් විලගම කණිෂ්ඨ විද්‍යාලයේ 2024 වර්ෂයේ අ.පො.ස.(සා /පෙ) විභාගයට මුහුණ දීමට සිටින දරුවන් ඉලක්ක කර ගනිමින් වැඩසටහනක් පසුගියදා සංවිධානය කර තිබුණි.
මානව සම්පත් නිලධාරීතුමා හා නිපුණතා සංවර්ධන නිලධාරීතුමාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන සාර්ථක කරගැනීම උදෙසා සහය දුන් විලගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්ට විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු


 

Post a Comment

0 Comments