පාසල් උපකරණ බෙදාදීම
---------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් අතර එක් වැඩසටහනක් ලෙස පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ව්‍යවවසාය සංවර්ධන නිලධාරිනි සුභාෂණී කරුණාරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන්, එතුමියගේ හිතවත් පරිත්යාගශීලී දානපතියන් දෙදෙනෙකුගේ අනුග්‍රාහකත්වයෙන්, ළමා හා කාන්තා ඒකකයේ මෙහෙයවීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී අඩු ආදායම්ලාභී පවුල්වල දක්ෂතා දක්වන පාසල් දරුවන් 16 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල ප්‍රදානය කිරීම සිදුවිය.
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට හා අනුග්‍රාහක භවතුන්ට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments