Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු





76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු
-------------••••••••••••---------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙවර 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිදහස් දින සැමරුම් උත්සවය පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.
ජාතික ගීය වාදනයෙන් අනතුරුව, උත්තරීතර දේශයේ උන්නතිය වෙනුවෙන් දිවිපිදූ ජාතික වීරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවකින් පසු ආරම්භ කළ මෙම වැඩසටහනේ ආගමික වතාවත් සිදු කළේ බෞද්ධ කටයුතු සමායෝජක ධූරයේ කටයුතු හොබවන පූජ්‍යපාද ගලහිටිකන්දේ ධම්මවංශ හිමිපාණන් වහන්සේ විසිනි.
දැල්වූ පහන් සිලු වලින් ආලෝකමත් වූ මෙම වැඩසටහන කාර්යාලයී නිලධාරීණියන්ගේ නර්තනාංගයකින් වඩාත් විචිත්‍රවත් විය.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව කාර්යාල පරිශ්‍රයේ ඖෂධ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරුණු අතර, 2023 වර්ෂයේදී අප විසින් සිදුකරන ලද සමාජ ආර්ථික වැඩසටහන් ඇතුළත් "සමාජ ආර්ථික පුනර්ජීවනය-2023" විද්යුත් සගරාව
එලි දැක්වීමද ප්‍රාදේශීය ලේකම්තුමියගේ සුරතින් සිදු කෙරුණි.
තවද කාර්යාලයීය නිලධාරීන්ගේ සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් හා කලා කුසලතා ඔප් නැංවීම වෙනුවෙන් සංවිධානය කළ, වොලිබෝල් තරගාවලිය බැඩ්මින්ටන් තරගාවලිය, විවාද තරගාවලිය, කෙටිකතා තරගය හා පද්‍ය රචනා තරගය යන තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අගයමින් සහතිකපත් පිරිනැමීමක් ද සිදු කෙරුණි.
2023 වර්ෂයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම අරමුණු කරගනිමින් රාජ්‍ය ආයතන අතර පැවති කෙටි චිත්‍රපට තරගය සදහා අප කාර්යාලය විසින් ඉදිරිපත් කළ චිත්‍රපටය ප්‍රදර්ශනය කීරීමක්ද මෙහිදී සිදු කෙරුණි. මෙම චත්‍රරපට තරගයේ සමස්ත ලංකා හොදම නිලියට හිමි සම්මාන සහතිකපත්‍රය සංවර්ධන නිලධාරී කාංචනා චන්ද්‍ර කුමාරි මහත්මිය හිමිකරගෙන තිබූ අතර ඒ වෙනුවෙන් සුබපැතුම් පිරිනමමු.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.


 

Post a Comment

0 Comments