76 වන ජාතික නිදහස් දිනයට සමගාමී අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය සුහද ක්‍රිකට් තරඟාවලිය
—————————•••••••••••••——————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වය හා සංකල්පය මත 76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව කෑගලු දිස්ත්‍රික්කයේ, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට හා දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය නිලධාරීන් අතර සුහදතාවය වර්ධනය කරගැනීම උදෙසා වූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 2024.02.04 වන දින දවස පුරා දැරණියගල සිරිසමන් විද්‍යාලයීය ක්‍රිඩාපිටියේදී පැවැත්විණි.
තරඟ වට කිහිපයකින් සමන්විත වූ මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම විසින් දිනාගත් අතර, අනුශූරතාවය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට හිමි කුසලානය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපුල් මහතාට හිමි වූ අතර, දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලානය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අජිත් මහතාට හිමි විය.
කුසලාන සදහා පූර්ණ අනුග්‍රහකත්වය ගණකාධිකාරිතුමිය ඇතුළු කාර්‍යාලයීය ගිණුම් අංශයේ නිලධාරීන් විසින් ලබා දෙන ලද අතර, ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමමු.
එමෙන්ම දිවා ආහාරය සදහා අනුග්‍රහකත්වය දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කණ්ඩායමටත්, ආහාරපාන සකස් කිරීමෙන් දායක වූ පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ප්‍රමුඛ සහය දැක්වූ සැමටත් හදපිරි තුති පිරිනමමු.
මෙම තරගාවලිය සාර්ථක කරගැනීමට උපරිම සහය ලබා දුන්, දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම්තුමන්ටත්, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම්තුමියටත්, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම්තුමාටත් කෘතඥතාව පුද කරමු.
එසේම තරඟාවලියේ විනිශ්චය කටයුතු සිදු කර දුන්, රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන මාධව සේනාරත්න සහ බහුකාර්ය අංශයේ සුමුදු මදුසංක යන දෙදෙනාටත්, තරඟාවලිය සදහා සහභාගි වූ සියලුම ක්‍රීඩකයින්ටත්, නන් අයුරින් උදව් උපකාර කළ සැමටත් ස්තුතිය පුද කරන අතර, තරඟාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට සහ අනුශූරතාවය දිනූ අප කාර්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුලු අප කාර්‍යාලයීය නිලධාරීන් ගේ උණුසුම් සුභාශිංසන පිරිනමමු.




0 Comments