විවාද තරගාවලියක්
----------------
76 වන ජාතික නිදහස් සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පය මත කාර්යාලීය නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ සහ අංශ අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් අන්තර් අංශ විවාද තරගාවලියක් පසුගියදා සංවිධානය කර තිබුණි.
කාර්යාලයීය කණ්ඩායම් පහක් තරග වැදුණු මෙම විවාද තරගාවලියේ සමස්ත ශූරතාවය සමාජ සේවා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, අනුශූරතාවය ක්ෂේත්ර නිලධාරී අංශය විසින් දිනා ගන්නා ලදී.
තරගාවලියේ දක්ෂතම කථිකයා(පිරිමි) සම්මානය සමාජ සේවා නිලධාරී කපිල දොඹගහවත්ත මහතා විසින් හිමිකරගත් අතර, දක්ෂතම කථිකයා (කාන්තා) සම්මානය සංවර්ධන නිලධාරී කෝසලා රන්දිලිනි මහත්මිය විසින් හිමිකර ගන්නා ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ඒ වෙනුවෙන් පුදකර සිටින අතර, මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීම උදෙසා සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු.