දහම් ගුරු උපහාර උළෙල
——————————
දැරණියගල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් වල වසර 20 කට වැඩි කාලයක් නිස්සරණාධ්යාසයෙන් සේවය කරන ගුරු භවතුන් අගයමින් ඔවුනට උපහාර පිදීමේ උත්සවයක් 2024 ජනවාරී මස 24 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
සිරි සුමන දහම් විදුහලේ දරු දැරියන්ගේ නර්තනාංග වලින් විචිත්රවත් වුණු මෙම වැඩසටහන සදහා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධීකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා රැසක්ද, දහම් පාසල් ගුරු භවතුන්, ශිෂ්ය ශිෂ්යාවන්, දෙමාපියන් සහ කාර්යාලයීය නිලධාරීන්ද සහභාගි වූහ.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් ගරුතර මහා සංඝරත්නයට පාද නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතර, නන් අයුරින් සහය දුන් සැමටත් කෘතඥ වෙමු.





0 Comments