සිත්රූ බතික් නිර්මාණ ප්‍රදර්ශනය
~~~~~~~••••••~~~~~~~~~
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්විම අනුව නක්කාවිට වසම සමෘද්ධි සංවර්ධන නිළධාරිනි ඩබ්.ආර්.එස්.මනෝරිකා ගුණරත්න මහත්මියගේ අදහසකට අනුව 2023.07.21 දින නක්කාවිට වසම කේන්ද්‍ර කරගනිමින් බතික් නිර්මාණ පුහුණු කිරීමේ ව්‍යාපෘතිය ක් ආරම්භ කරන ලදි.
සමෘද්ධි සමාජ සංවර්ධන නිළධාරි, ව්‍යවසායකත්ව සංවර්ධන නිළධාරි සම්බන්ධිකරනයෙන් ජාතික ශිල්ප සභාවේ පුහුණු කිරිමේ අංශයේ දායකත්වයෙන් පුරා දින 10 පැවති පුහුණු වැඩසටහනින් අනතුරුව 25 දෙනෙනකුගෙන් යුතු කණ්ඩායමක් බතික් ආශ්‍රිත නිර්මාණකරණයට ප්‍රවේශ විය. ඔවුනගේ නිර්මාණ ඇතුලත් ප්‍රථම අලෙවි ප්‍රදර්ශනය 2024.01.22 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වන ලදි .
සාර්ථක හා නිර්මාණශීලී ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීම සඳහා උරදුන් ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්, බැංකු සමිති කළමණාකාරතුමිය, මාළිබොඩ කලාප කළමණාකාරතුමන්, සමාජ සංවර්ධන නිළධාරි, ව්‍යවසායකත්ව සංවර්ධන නිළධාරිනි, නක්කාවිට වසමේ සියලුම රාජ්‍ය නිළධාරින් කෘතවේදිව සිහිපත් කරමු.



0 Comments