ජල මූලාශ්‍ර සුරැකීම මුල්කරගත් රුක්රෝපන වැඩසටහන
———————————————————————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයතුල පිහිටි ජල මූලාශ්‍ර සංරක්ෂණය සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
පන්දාහ ග්‍රාම නිලධාරී වසමේ ජල පෝෂක සහිත රජයේ ඉඩම් ආශ්‍රිතව රුක්රෝපනය කිරීමේ සමාරම්භක වැඩසටහන ප්‍රාදේශීය ලේකම්තුමිය හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි 26 වන දින පන්දාහ වසම නාකණුවෙ ඇල රක්ෂිතයේ දී සිදු විය.
මෙම වැඩසටහන සඳහා තලාව ශ්‍රී ජයසිංහාරාම විහාරාධිපති ඇතුඵ ප්‍රදේශවාසී රැසක් සහභාගී වූ අතර පැල 60 කට අධික සංඛ්යාවක් රෝපණය කරන ලදී. වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා දායකත්වය ලබා දුන් සැමට අපගේ කෘතවේදීත්වය පුදකරමු.


0 Comments