සුභ පැතුම්
•••••••••
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කොට විශ්‍රාමලත් ග්‍රාම නිලධාරී සරත් මාහරගේ මහතා හා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දීර්ඝ කාලයක් සේවය කොට පරිපාලන ග්‍රාම නිලධාරී ලෙස දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ භාර ගත් ග්‍රාම නිලධාරී සනත් මහතන්තිල මහතා හට සුබ පැතීමේ සුහද හමුවක් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙනුවෙන් මෙම ග්‍රාම නිලධාරීන් දෙපළ සිදුකළ සේවාවට අපගේ කෘතවේදීත්වය පුද කරන අතර සරත් මාහරගේ මහතාගේ විශ්‍රාම දිවිය අර්ථවත්ව ගත කිරීම සඳහා එතුමන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර සනත් මහත්තන්තිල ග්‍රාම නිලධාරීතුමන්ට එතුමන්ගේ නව තනතුර බැබළවීම සඳහා ශක්තිය ලැබේවායි ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සුබ ප්රාර්ථනා කරයි.


0 Comments