විදේශ රැකියා ආශ්‍රිත සමාජ ගැටලු සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන
----------------•••••••••••••••----------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් විගමනික පවුල් වල සුබ සාධනය උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් පසුගියදා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේදී විගමනික පවුල්වල සාමාජිකයන් හා දරුවන්ගේ භාරකරුවන් දැනුවත් කිරීම හා නව රැකියා අවස්ථා පිළිබඳව විගමනික පවුල්වල සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීම සිදු කෙරිණි. මේ සඳහා සම්පත් දායකත්වය ළමා හිමිකම් නිලධාරීතුමිය හා මානව සම්පත් සංවර්ධන නිලධාරීතුමා විසින් ලබා දුන් අතර, විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දෙපළ විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන් සියලූම දෙනාට අපගේ කෘතවේදීත්වය පුදකරමු.


0 Comments