කාන්තා සමිති ප්‍රතිසංවිධානය හා ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------•••••••••••---------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් කාන්තාවන් හා වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් අතර එක් වැඩසටහනක් මාගල පේරූපල්ල වැඩිහිටි දිවා මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ දී පසුගියදා පැවැත්විණි.
මෙහිදී වනිතා සංවර්ධන නිලධාරීතුමිය විසින් මාගල කාන්තා සමිතිය ප්‍රති සංවිධානය කිරීමේ කටයුතු සිදු කරන ලදී. ඒ සමගම මාගල දීප්ති වැඩිහිටි සමිතියේ සාමාජිකාවන්ට හා කාන්තා සමිතියේ සාමාජිකාවන්ට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැනුවත් කිරීමක් වනිතා සංවර්ධන නිලධාරී තුමිය විසින් සිදු කරන ලද අතර ඔවුන් ස්වයං රැකියා සඳහා දිරිගැන්වීම වස් පහසුවෙන් මඤ්ඤොක්කා බයිට්, පරිප්පු බයිට් හා උඳුවැල් සකසන ආකාරය පිළිබඳව ප්රායෝගික දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.
මේ සඳහා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන නිලධාරී, වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා සංවර්ධන නිලධාරී(සමාජ සේවා)සහභාගි වූ අතර මේ සඳහා සහයෝගය ලබා දුන් දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සභාපති ඇතුළු ප්‍රදේශවාසීන්ට අපගේ කෘතවේදීත්වය පුද කරමු.