මත් නිවාරණ වැඩසටහනක්
~~~~~~~~~~~~~~~~
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් සංවිධානය කරනු ලබන මත් නිවාරණ වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් දැරණියගල ශ්‍රී සුමනාරාම දහම් පාසලේ දරුවන් ඉලක්ක කරගෙන පසුගියදා පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නියෝජනය කරමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශිරාණි දීපිකා කුමාරි සංවර්ධන නිලධාරීතුමිය විසිනි.
මේ සදහා සහයෝගය ලබා දුන් විහාරාධිපති පූජ්‍යපාද අමුහේන්කන්දේ වජිර ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වකව සිහි කරන අතර දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයට හා දරුවන්ට අපගේ කෘතවේදිත්වය පිරි නමමු.