දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය වැඩිහිටි කමිටු ප්‍රවර්ධනය කිරීම උදෙසා සංවිධානය වූ ළමා, තරුණ, වැඩිහිටි පරම්පරා ත්‍රිත්වයම යා කරන සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා රංසිරිපුර ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
මෙම වැඩසටහන දරුවන්ගේ, තරුණයින්ගේ හා වැඩිහිටියන්ගේ නර්තනාංග වලින්, ගායනයන්ගෙන් හා නාට්‍යාන්ගෙන් අලංකෘත විය.
මේ සඳහා සමාජ සේවා අංශයේ නිලධාරීන් සම්බන්ධ වූ අතර එම විචිත්‍රවත් වැඩසටහන සංවිධානය කළ සියලුම දෙනාට අපගේ කෘතවේදීත්වය පුදකරමු.


0 Comments