යොවුන් සෞඛ්‍ය හා ළමා අපයෝජන වැළැක්වීම සම්බන්ධ දැනුවත් කිරීම වැඩසටහන
-----------------•••••••••----------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ළමා සමාජ වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහනක් 2024.01.09 දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මාලිබොඩ මාකුඹුරවත්ත ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට අමතරව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය, උපදේශන නිලධාරීතුමිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගි විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාට අපගේ කෘතඥතාවය පුද කරමු.



0 Comments