76 වැනි නිදහස් දින සැමරුම- බැට්මින්ටන් තරගාවලිය
------------------••••••••••----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත ක්රියාත්මක වූ 76 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමී අන්තර් අංශ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා සංවිධානය කල බැට්මින්ටන් තරගාවලිය පසුගියදා කාර්යාලයීය බැට්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සඳහා පිරිමි යුගල කණ්ඩායම් 6ක් හා කාන්තා යුගල කණ්ඩායම් 7ක් සහභාගි විය.
පිරිමි තරගයේ අවසාන මහා තරගය සඳහා සමාජ සේවා අංශයේ i කණ්ඩායම හා ග්‍රාම නිලධාරී කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එම තරගයෙන් නිදහස් සමරු ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමාජ සේවා අංශය නියෝජනය කල ලක්ෂිත රාජපක්ෂ හා උපුල් දිමුතු කුමාර ක්‍රිඩකයින් සමත් වූ අතර නිදහස් සමරු අනුශුරතාවය ජයග්‍රහණය කිරීමට ග්‍රාම නිලධාරී කණ්ඩායම නියෝජනය කල අසේල මධුෂාන් හා ජගත් මංජුල ක්‍රිඩකයින් සමත් විය. කාන්තා තරගයේ අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ මිශ්‍ර අංශ නියෝජනය කල නිපුනිකා හර්ෂි හා ජයනි සංකල්පනා හා මිශ්‍ර අංශ නියෝජනය කල චේතිකා ලක්මාලි හා අයේෂා අඹගහවත්ත ක්‍රිඩිකාවන්ය.
මෙහිදී නිදහස් සමරු ශූරතාවය ජයග්‍රහණය කිරීමට නිපුනිකා හර්ෂි හා ජයනි සංකල්පනා ක්‍රිඩිකාවන් සමත් වූ අතර චේතිකා ලක්මාලි හා අයේෂා අඹගහවත්ත ක්‍රිඩිකාවන් නිදහස් සමරු අනුශූරතාවය ජයග්‍රහණය කරන ලදී.
ජයග්‍රාහී සියලු ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංෂණ පිරිනමන අතර මේ තරගාවලිය සංවිධානය කිරීම සදහා සහය වූ සැමට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments