76 වැනි නිදහස් දින සැමරුම - අංශ අතර සුහද වොලිබෝල් තරගාවලිය
~~~~~~~~~~~•••••••••••••••••~~~~~~~~~~~~~~
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වූ 76 වැනි නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමී අන්තර් අංශ සුහදත්වය වර්ධනය කිරීම උදෙසා සංවිධානය කල වොලිබෝල් තරගාවලිය පසුගියදා කාර්යාලයීය ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
කාන්තා තරගයේ අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ක්ෂේත්ර ii කණ්ඩායම හා ආයතන අංශ කණ්ඩායමයි. මෙහිදී නිදහස් සමරු ශූරතාවය ජයග්‍රහණය කිරීමට ක්ෂෙත්ර ii කණ්ඩායම සමත් වූ අතර ආයතන අංශයේ කණ්ඩායම විසින් නිදහස් සමරු අනුශූරතාවය ජයග්‍රහණය කරන ලදී.
ජයග්‍රාහී සියලු කණ්ඩායම් වලට ප්‍රාදේශීය ලේකම්තුමිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභාශිංෂණ පිරිනමන අතර මේ තරගාවලිය සංවිධානය කිරීම සදහා සහය වූ සැමටම, ප්‍රධාන විනිසුරු ලෙස ක්‍රියා කල ගුණතිලක මහතාටත් අපගේ කෘතවේදීත්වය පුද කරමු.




0 Comments