Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

තෛපොංගල්_උත්සවය_2024







සාම්ප්‍රදායික අස්වනු නෙලීමේ මංගල්‍ය වශයෙන් හින්දු ජනතාව උත්කර්ෂවත් ලෙස සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව මෙම කොට්ඨාසයේ ප්‍රාදේශීය සැමරුම් උත්සවය සබරගමු පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ඉලුක්තැන්න වත්ත කෝවිලේ ප්‍රධාන කුරුක්කල්තුමන් විසින් දේවාශිර්වාද පූජාවන් පවත්වනු ලැබීමෙන් අනතුරුව ඇරඹි මෙම වැඩසටහන කදිරේෂන් දෙමළ මහා විද්‍යාලයීය සිසුවියන්ගේ මෙන්ම කාර්යාලයීය නිලධාරීණියන්ගේ නර්තනාංග වලින් වඩාත් විචිත්රවත් විය.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් කාර්යාලයීය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට හදපිරි තුති පිරිනමමු.


 

Post a Comment

0 Comments