විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ දිනය සැමරීම
-------------••••••••----------------
2023 ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දිනය සැමරීම නිමිතිකොටගෙන පැවති උත්සව සභාව 2023 දෙසැම්බර් මස 07 වෙනි දින කෑගල්ල නගර සභා ශාලාවේදී කෑගල්ල මහ දිසාපති තුමා සහ අතිරේක දිසාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ස්වශක්ති සංගමයේ සාමාජිකයින් කංඩායමක් ද ඒ සදහා සහභාගී විය. එහිදී දැරණියගල ෂානුක උෂාරංග දරුවා ඉදිරිපත් කල "පුළුන් වගේ සුදු රැව්ල දිගයි" ගීතමය නර්තනාංගය බොහෝ දෙනෙකුගේ ඇගයීමට සහ ප්‍රසංසාවට ලක් විය