ආහාර තාක්ෂණික පුහුණු වැඩසටහනක්
————-••••••••••——————
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම අනුව, මෙම කොට්ඨාසය පුරා සිදු කරන වැඩසටහන් අතර එහි තවත් එක් වැඩසටහනක් ඌඩාපොළ ග්‍රාම නිලධාරී වසමේ 2023/12/07 දින ඌඩාපොළ පෙර පාසලේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කුඩා ව්‍යාපාර අංශය සහා කෘෂිකර්ම නිළධාරි තුමිය විසින් සිදු කල අතර ඒ සඳහා සම්පත් දායකත්වය කෘෂිකර්ම උපදේශක තුමිය විසින් ලබාදෙන ලදී. මෙහිදී පැණි වලලු, බූන්දි, මඤ්ඤොක්කා පානයක් සකසා ගන්නා ආකාරය ප්‍රායෝගිකව සිදු කර පෙන්වන ලදී.
මේ සදහා සහභාගි වු වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීතුමිය, කෘෂිකර්ම පර්යේෂකතුමිය සහ අනිකුත් සියලුම නිලධාරීන් වෙනුවෙන් විශේෂ ස්තුතිය පිරිනමන අතර, මෙම කාර්යය සාර්ථක කරගැනීම සඳහා සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු.