ළමා කදවුරක්
------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා මගපෙන්වීමෙන් දරුවන්ගේ පෞරුෂ වර්ධන හා නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ලස්සේගම හා මියනවිට යන ළමා සමාජ වල දරුවන් උදෙසා එක් දින ළමා කදවුරක් 2023.12.29 වන දින දවස පුරා දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සමාජ සේවා නිලධාරී කපිල දොඹගහවත්ත මහතා හා ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් සම්පත් දායකත්වය ලබා දුන් අතර ඒ සම්බන්ධයෙන් විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් නන් අයුරින් උදව් උපකාර කළ සැමත් කෘතවේදීව සිහිපත් කරමු.


0 Comments